Thursday, March 21, 2024

 මේ 2024 අලුත් අවුරුද්දේ ඔබගේ අනෙකුත් වැඩකටයුතු සාර්ථකව කරගෙන යන අතරතුරදීම ඔබගේ සෞඛ්‍ය ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න අමතක කරන්න එපා. මෙවැනි කාලයක, නීරෝගී ජීවිතයකට අවශ්‍ය, වස විස නැති ආහාර වේලක් ඔබටම සකසා ගන්න පුලුවන්නම්, ඒ වගේම ඔබගේ ගෙවත්තෙන්ම ඒ දේවල් ලබාගන්නත් පුලුවන්නම් කෙතරම් අගනේද....


Eco Friendly Volunteers (ECO-V) අපි පරිසර සංවිධානයක් විදියට සාම්ප්‍රදායික එහෙමත් නැතිනම් අද කාර්යබහුල ඔබ මේ ගෙවන ජීවීතයත් එක්ක කරගෙන යන ඔබගේ පුංචි හෝ ගෙවත්තට වගේම ඔබටත් කොහොමද අපි වැඩි වටිනාකමක් දෙමින්, නීරෝගීමත්ව, රසායනික ද්‍රව්‍යයන්ගෙන් තොරවූ, සැහැල්ලුවෙන් සහ සතුටින් වගා කරන්න පුලුවන් ගෙවත්තක් වෙන "මෙත්තා උයන" වගා ක්‍රමය හදුන්වා දෙන්නයි යන්නේ. 


ඔබ කුමන වෘත්තීයක නියැලුණත්, මෙත්තා උයනක් ඔබටත් පවත්වාගෙන යන්න පුලුවන්. මෙත්තා උයනෙහි තියෙන විශේෂත්වය තමයි, 

 1.එය අප අවට පරිසරයේ ජීවත් වන සෑම ජීවීයෙක්ටම පොඩි හරි නවාතැනක් වෙන එක. 

2. ඒ වගේම ඔබව ආකාර දෙකකින් නිරෝගිමත් කරන එක.

 කායිකව ඔබට හොද ආහාර ලබාදීමට අමතරව හොද මානසික සැහැල්ලුවක් සහ සතුටක් මේ මෙත්තා වගාව  තුලින් ඔබට ලබාගන්න පුලුවන්. 

 මේ වෙනකොට Eco Friendly Volunteers ECO-V පරිසර සංවිධානය යටතේ මෙත්තා උයන් 5ක් පවත්වාගෙන යනවා. ඒ ගැනත් ඔබට වැඩි විස්තර සහිතව දැනගන්න පුලුවන්. සීමිත ඉඩක වුනත් ඔබටත් පුලුවන් ඔබගේ ගෙවත්ත මෙත්තා උයනක් බවට පත් කරගන්න. ඒ වගේම මුළුතැන්ගෙයි කසළ කලමණාකරනය කරගෙන,  ඒ දේවලුත් ගෙවත්තට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා ඉදිරි ලිපි වලින් අපි සාකච්ඡා කරමු. එවිට ඔබට සතුට සහ නීරෝගීබව පිරුණු සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ලබා ගන්න පුලුවන්. 


Eco Friendly Volunteers (ECO-V) පරිසර සංවිධානය,

නො. 42/3/1,

නදී උයන,

පීරිස් මාවත,

ගංගාරාම පාර,

වේරහැර,

බොරලැස්ගමුව.